සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ලබන සඳුදා දිනයේ සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
මේ සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගි වනු ඇති බවත් ඔවුන්ගේ අදහස් ලබාගැනීම සඳහා එසේ කැඳවා ඇති බවත් කරුණාතිලක මහතා වැඩිදුරටත් කියා සිටියා.