කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපජාතයට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමන්ගත් 5 දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත අද(02) අලුයම ඇතුළත් කළ බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඉන්දික ලලිත් මහතා පවසනවා.
අද(01) අලුයම 1ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ නුවරඑළිය සිට ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ නායගිය ස්ථානයට සහ ලංගම බස් රථ අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේදීයි.
යතුරුපැදි අනතුරක් සම්බන්ධයෙන් තුවාල ලැබූ අයෙක් බැලීමට ගොස් ආපසු කොත්මලේ තවලන්තැන්න දක්වා ආපසු ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ එකම පවුලේ සිව්දෙනෙකු සහ වෙළෙඳ සහයකයෙකු වෑන් රථයේ ගම්න කර ඇති බවත් වෑන් රථය ධාවනය කර ඇත්තේ වෑන් රථයේ අයිතිකරුම බවත් පොලිසිය පවසනවා.
රියදුරුට නින්ද යාමෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ අයිතිකරුගේ පුතෙකු ප්‍රධාන මාර්ගයට පිවිස මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් නතර කර තම මව, පියා සහ වෙළෙඳ සහයකයා රෝහල් ගත කිරීමට සහයෝගය ඉල්ලා ඇති බවත් පසුව ඒ බව කොත්මලේ පොලිසිය වෙත දැනුම්දිමෙන් පසු කොත්මලේ පොලිසියේ නිලධාරීන්ගේද සහයෝගය ඇතිව තුවාලකරුවන් කොත්මලේ පොලිසියේද සහයෝගය ඇතිව රෝහල් ගත කර තිබෙනවා.














