අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභගාය හෙට(10) පෙරවරුවේ සිට ආරම්භ වනවා.
හෙට ඇරඹෙන උසස් පෙළ විභාගය එළැඹෙන දෙසැම්බර් මස 5 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත දැනටමත් භාරදී ඇති බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරනවා.
මෙවර උසස් පෙළ විභගාය විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්වෙනවා.
ඒ අනුව පාසල් අයදුම්කරුවන් 246,521ක්ද පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව අයදුම්කරුවන් 340,525ක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතයි.
විභාග ශාලාවල ආරක්ෂාව සඳහා පොලිසියද යොදවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.













