2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.
එමෙන්ම, මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා 2025 අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වු අයදුම්කරුවන්ට 2025.08.07 දින සිට 2025.08.12 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.