කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය, 2024 දෙසැම්බර් මාසයේ දී (-1.7)% සිට 2025 ජනවාරි මාසයේදී (-4)% දක්වා අඩු වී තිබෙනවා.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ 0.8% මට්ටමේ සිට 2025 ජනවාරි මාසයේ දී 2.6%ක අවධමනයක් දක්වා පහළ ගොස් ඇති බවයි.
තවද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ පැවති 3%ක අවධමනයට සාපේක්ෂව, 2025 ජනවාරි මාසයේ දී 4.7%ක අවධමනයක් දක්වා පහළ ගොස් තිබෙනවා.