යාපනය – ඩෙල්ෆ් මුහුදු සීමාවේදී නාවික හමුදා යාත්‍රාවක් සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් ගැටී සිදුවූ අනතුරකින් ඉන්දීය ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියේ, මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිස සිය භාරයට ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමක් අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය යාත්‍රාවේ ධීවරයින් 4 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු මේ වන විට අතුරුදහන්ව තිබෙනවා.
නාවික හමුදාව සිය භාරයට ගත් ඉන්දීය ධීවරයින් තුන්දෙනා රෝහල් ගත කරන අතරතුර එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ
උණුසුම් පුවත්
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට













