යාපනය – ඩෙල්ෆ් මුහුදු සීමාවේදී නාවික හමුදා යාත්‍රාවක් සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් ගැටී සිදුවූ අනතුරකින් ඉන්දීය ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියේ, මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිස සිය භාරයට ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමක් අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය යාත්‍රාවේ ධීවරයින් 4 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු මේ වන විට අතුරුදහන්ව තිබෙනවා.
නාවික හමුදාව සිය භාරයට ගත් ඉන්දීය ධීවරයින් තුන්දෙනා රෝහල් ගත කරන අතරතුර එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














