අද (25) උදෑසන පැවති අධික සුලං තත්ත්වයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ අබේවෙල පැරකුම් පුර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසන ලදී.
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය අබේවෙල දුම්රිය ස්ථානයේ නවතා තිබූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන ලදී.
නමුත් බදුල්ල සිට කොළඹ කොටුව සහ මහනුවර බලා ධාවනය වන දුම්රියන් නියමිත වේලාවට ගමන් ආරම්භ කල බවත්, කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියන් ද නියමිත වේලාවට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කල බවත් දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් පවසන ලදී.
බදුල්ල සිට අද (25) අලුයම 5.50ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රියේ එන්ජිමක හටගත් හදිසි කාර්මික දෝශයක් නිසාවෙන් එම දුම්රිය හාලිඇල දුම්රිය ස්ථානය ආසන්නයට පැමින යලි බදුල්ල බලා ධාවනය කර එම එංජිම පිළිසකර කිරිමෙන් අනතුරුව ප්‍රමාද වී යලි බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ලදී.