මිනුවන්ගොඩ , අළු තැපොල වලගම්බා විදුහල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අතරතුරදී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු එකට ගැටීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
මෙසේ මියගොස් ඇත්තේ කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ග්ගලයෙක්.













