දකුණු ගාසා තීරයේ මෙහෙයුම්වල නිරතව සිටින යුද හමුදාව අවම කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.
එම ප්‍රකාශයත් සමඟ අවතැන් වී සිටි පලස්තීන ජනතාව නැවත එම පළාතේ පිහිටි ඛාන් යූනිස් නුවර බලා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනාගත යුද සැලසුම් සඳහා සූදානම් වීමට දකුණු ගාසා තීරයෙන් සිය හමුදාව ඉවත් කරමින් සිටින බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළ ද, ඊශ්‍රායලය එවැනි පියවරක් ගෙන ඇත්තේ ජාත්‍යන්තර බලපෑම් වර්ධනය වීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.