ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ප්‍රහාරවලින් ගාසා හි ප්‍රධාන කුළුණු තුනක් ඇතුළු ගොඩනැගිලි 16 ක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රහාර හමුවේ දහස් ගණන් ජනතාව ඉන් පළා යමින් සිටින බවද සදහන්.
එමෙන්ම ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ආහාර සැපයුම් අවහිර කිරීම හේතුවෙන් පුද්ගලයින් 422 කු කුසගින්නෙන් මිය ගොස් තිබෙනවා.
පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනයේ ගොඩනැගිලි 10 කට පසුගිය දින හතර තුළ දැඩි ප්‍රහාර එල්ල වූ බවයි එම ආයතනයේ ප්‍රධානී පිලිප් ලසරිනි පවසා ඇත්තේ.