අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට සිය රට ගරු කරන්නේ, ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා. සියොන්වාදී පාලනය සටන් විරාමය කඩ නොකරන්නේ නම්, ඉරානය ද එය කඩ නොකරනු ඇත යනුවෙන් මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඒ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද්විපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව තුර්කි විදේශ අමාත්‍යාංශයද ඉරානය සහ ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දෙරට අතර සතුරුකම් සම්පූර්ණයෙන් නතර කරන ලෙස දන්වා මෙම ඉල්ලීම සිදු කර ඇති බව සඳහන්. මේ අතර සටන් විරාමය කඩ කළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ දුරකථන සංවාදයකින් අනතුරුව තවදුරටත් ප්‍රහාර එල්ල නොකල බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.
උණුසුම් පුවත්
- බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි














