ඊශ්‍රායලය ගාසා නගරයට දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම හමුදා ප්‍රහාරවලට අමතරව ඊයේ රත්‍රියේ දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.
ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් 386 දෙනෙකු තුවාල ලබා ඇති බව හමාස් සංවිධානය පවසනවා.
බ්‍රිතාන්‍යයේ සහ අනෙකුත් රටවල විවේචන හමුවේ හමාස් සංවිධානයේ අවසාන ප්‍රධාන බලකොටුවට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මීට පෙර පවසා තිබුණා.
ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදුකරන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ප්‍රහාරය සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.