බදුල්ල, සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානය මඟින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන බදුල්ල කයිලගොඩ මිහිඳු පෙරහැර ඊයේ රාත්‍රී බදුල්ල නගරයේ වීථි සංචාරය කළේ 85 වැනි වරටයි.
ඊයේ රාත්‍රීයේද මෙම පෙරහැර පැවැත්වුණේ අලි ඇතුන්, නර්තනාංග ඇතුළු විශේෂාංග රැසක්ද සමගින්.
ඒ අතරතුර කරඬුව වඩම්මනු ලැබූ හස්තියා කලබල වීමත් සමඟ පෙරහැරේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණු බව වාර්තා වනවා.
කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවයි සඳහන් වන්නේ.
කෙටි වෙලාවක් තුළ ඇත්ගොව්වා විසින් හස්තියා සන්සුන් කරනු ලැබීමෙන් අනතුරුව නැවත පෙරහැර වීථි සංචාරය ආරම්භ කර තිබෙනවා.