ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශයට ඊයේ(17) දින ඇද හැලුණු අධික වැසි හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ(17) රාත්‍රීයේ සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙයසි ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ.
ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇළිවල ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා.