පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ඒ කාණ්ඩයේ සිව්වන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා.
ඒ අතරින් පසුගිය සිකුරාදා පැවති තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරදා ලකුණු 22 ට 6 ක ජයක් ලැබීමට සමත් වුනේ කොළඹ ඉසිපතන විදුහලයි.
එම තරගය කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත් වුණේ.
එමෙන්ම මෙම තරගාවලියේ තවත් තරගයක් පසුගිය සෙනසුරාදා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැත් වුනා.
එහිදී ලකුණු 29 ට 22 ක් ලෙස ධර්මරාජ විදුහල පරාජය කිරීමටයි විද්‍යාර්ථ විද්‍යාලීය ක්‍රීඩකයන්ට හැකි වුණේ.
එදිනම තවත් තරගයක් පැවැත් වුනේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතරයි.
එහිදී ලකුනු 22 ට 10 ක් ලෙස ත්‍රිත්ව විදුහල පරාජය කිරීමට ශාන්ත පීතර විදුහලට හැකියාව ලැබුනා.
ඊට අමතරව කොළඹ රාජකීය විදුහල සහ මරදාන සහිරා විදුහල අතරද පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම තරගාවලියට අයත් තවත් තරගයක් පැවැත් වුනා.
එම තරගයෙන් සහිරා විදුහල පරදා ලකුනු 44 ට 03 ජයක් වාර්තා කරනු ලැබුවේ රාජකීය විදුහලයි.
මෙම පාසල් රග්බි ලීග් තරගාවලියට අයත් තවත් තරග දෙකක් ඊයේ දිනයේදීත් පැවැත් වුනා.
ඒ අතරින් පළමු තරගය ක්‍රීඩා කෙරුනේ කොළඹ වෙස්ලි විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතරයි.
එහිදී ලකුනු 30 ට 29 ක් ලෙස ශාන්ත අන්තෝනි විදුහල පරාජය කර තියුනු ජයක් වාර්තා කිරීමට සමත් වුනේ කොළඹ වෙස්ලි විදුහලයි.
මෙම තරගාවලිය යටතේ ඊයේ පැවති අනෙක් තරගයේදී මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය විසින් මහනුවර කිංස්වුඩ් විද්‍යාලය පරාජය කිරීමට සමත් වුනා.
ඒම තරගයේ ශාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 48 ක් රැස් කරන විට කිංස්වුඩ් ක්‍රීඩයකින් ට ලබා ගත හැකි වූයේ ලකුනු 15 ක් පමණයි.
උණුසුම් පුවත්
- හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
- චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
- ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්
- රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
- ආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට












