අරිසිමලය ආරණ්‍ය සේනාසනාධිපති උතුරු නැගෙනහිර හා තමන්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශාභිධාන නාහිමියන්ට නැවත අමැති ආරක්ෂක අංශයේ ආරක්ෂාව ලබාදී තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර එම පොලිස් නිලධාරීන් දෙදෙනා ඉවත් කර තිබුණද පෙරේදා රාත්‍රීයේ සිට එම ආරක්ෂාව නවැත ලබාදී තිබෙනවා.
තම ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අරිසිමලේ නාහිමියන් මහා නායක හිමිවරුන් දැනුවත් කර තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුව ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා නැවත කොළඹට කැඳවන බව ඉහළ පොලිස් නිලධාරින් විසින් නාහිමියන්ට දන්වා තිබෙනවා.
දෙමළ හා මුස්ලිම් අන්තවාදී බලවේගයන්ගෙන් නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කරමින් තමන් වහන්සේ මෙම ප්‍රදේශයේ වැඩ සිටීම ගැන වෛරයෙන් පසුවන පිරිසක් නිසා තමන්ට ආරක්ෂාවේ ප්‍රශ්නයක් ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.
මීට සති කිහිපයකට පෙර භාවනානුයෝගීව වැඩ සිටි ස්වාමීන් වහන්සේ නමක්ද අතුරුදන්ව ඇති බවත් හමුදාවේ භට පිරිස් සෝදිසි මෙහෙයුම් කළද උන්වහන්සේ ගැන කිසිදු තොරතුරක් නැති බවත් නාහිමියන් පවසනවා.
අරිසිමලේ හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ද බෙහෙවින් ප්‍රචාරය වුණා.
උපුටා ගැනීම : දිවයින පුවත්පත