
අමෙරිකානු හෝ ඊශ්‍රායල මාධ්‍ය ඇතුළුව ඉස්ලාමීය ජනරජයට එරෙහි යැයි සැලකෙන ”සතුරු” මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ වෙනත් සන්නිවේදනයන් අපරාධයක් ලෙස සලකන පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුව අනුමත කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂක සභාව විසින් තවදුරටත් සමාලෝචනය කළ යුතුව ඇති බවයි විදෙස් මාධ වාර්තා කලේ. සතුරු මාධ්‍ය සමඟ සබඳතා තහනම් කිරීම – අමෙරිකාව, ඊශ්‍රායලය හෝ එවැනි රටවල ආධාර ලබන මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම හෝ සාකච්ඡාවලට සහභාගී වීම සම්පූර්ණයෙන්ම මෙමගින් තහනම් වනවා.එය උල්ලංඝනය කරන්නන්ට මාස 6 සිට වසර 2 දක්වා සිරදඬුවම් නියම වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙනත් විදේශීය මාධ්‍ය – වෙනත් විදේශීය මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සඳහා බුද්ධි අංශ අමාත්‍යාංශයට දෙැනුම් දීම අනිවාර්ය බවද එම පනතේ දැක්වෙනවා..














