ඕස්ටේ්‍රලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව යන ලෙස ඕස්ටේ්‍රලියානු රජය දැනුම් දී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිඩ්නි සහ මෙල්බර්න්හි ස්ථාන දෙකකට එල්ල වූ යුදෙව් විරෝධී ප්‍රහාර සඳහා ඉරානය සම්බන්ධ බවට ඕස්ටේ්‍රලියානු බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන ඇති බවයි.
මේ හේතුවෙන් දින 7 ක් තුළ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව යන ලෙස ඕස්ටේ්‍රලියානු රජය දැනුම් දී තිබෙනවා.