ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව අද(30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහත දමා තිබෙනවා.
රුපියල් 283ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් හයකින් අඩු කර තිබෙනවා.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 277ක්.
එසේම මෙතෙක් රුපියල් 341ක්ව පැවැති පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිලද රුපියල් හයකින් අඩු කර තිබෙනවා.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 335ක්.
ලංකා භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කිරීමත් සමගින් එහි මිල රුපියල් 180ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඔක්ටේ්‍රන් 92 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල ගණන් වෙනසක් නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
ඒ අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 313ක් ලෙසත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියන් 299ක් ලෙසත් තවදුරටත් ක්‍රියාත්මකයි.