ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.
ඒ අනුව සිපෙට්කෝ සමාගමේ ඉන්ධන වර්ගවල මිල ගණන් පෙර පැවැති මිල ගණන් යටතේම අලෙවි කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 274ක මිලටත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325ක මිලටත් අලෙවි කිරීමට නියමිතයි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල වන්නේ රුපියල් 178ක්.
පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටයක් රුපියල් 341ක මිලකටත් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 293කටත් අලෙවි කෙරෙනු ඇති.