කොළොන්නාවේ සිට කොගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් තබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කරන ලද බවුසර් රථයක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසනවා.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ශැනන් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
බවුසර් රථයට ඉිදරියෙන් තුවාල ලැබූ දරුවාගේ මව විසින් ෂැනන් වත්තේ සිට හැටන් දක්වා ත්‍රීරෝද රථය ධාවනය කරවන අවස්ථාවේ එම දිශාවටම ධාවනය වූ බවුසර් රථය ත්‍රීරෝද රථය ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී බවුසර් රථයේ පසුපස ටැංකියේ යකඩ කොටසක් ත්‍රීරෝද රථයේ ගැටී ත්‍රීරෝද රථය අනතුරවට පත්ව තිබෙනවා.
අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර එම බවුසර් රථයේ ඉන්දන ගොඩබෑමෙන් පසු බවුසර් රථයේ රියදුරුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටියේ.