ජනවාර්ගික කණ්ඩායමක නායකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පැන නැගීමෙන් පසු බලධාරීන් විසින් කැළඹිලි සහිත ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇති අතර අන්තර්ජාලය විසන්ධි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පොලිසිය විසින් එරට සන්නද්ධ කණ්ඩායමක ප්‍රධානියෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2023 දී එම ප්‍රාන්තයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමකට අදාළව සිං මනිපූර්හි ඉම්ෆාල් ගුවන්තොටුපළේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
එම ගැටුමේදී 250 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර දස දහස් ගණනක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.