ඉන්දීය නාවික හමුදාවට අයත් INS Jyoti සහ INS Rana යන නෞකා කොළම වරායට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
නාවික හමුදාව කියා සිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 12 වන වරටත් පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX-25) සඳහා සහභාගී වීම සඳහා එම නෞකා දිවයිනට පැමිණි බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස කොළඹ වරායට පැමිනි Tanker වර්ගයට අයත් INS Jyoti නෞකාව දිගින් මීටර් 180.16ක් හා නැව් මුළුව 200කගෙන් සමන්විත වනවා.
නෞකාවේ අණදෙන නිලධාරි ලෙස කපිතාන් Chetan R Upadhyay කටයුතු කරනු ලබනවා.
Destroyer වර්ගයට අයත් INS Rana නෞකාව දිගින් මීටර් 147ක් හා නැව් මුළුව 300කගෙන් සමන්විත අතර එම නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කපිතාන් KP Sreesan කටයුතු කරනු ලබනවා.
INS Jyoti නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වුණු අතර අද(14) සිට දින පහක් පුරා කොළඹ වරාය සහ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී පැවැත්වෙන SLINEX-25 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයෙන් පසුව මෙම නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
තවද SLINEX – 25 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සමගාමීව දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා මෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරයට කිරීම සඳහාද මෙම නෞකාවන්ගේ කාර්ය මණ්ඩලය සහභාගිවීමට නියමිතයි.