ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ චමෝලි ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
උත්තරාකන්ඩ් හි චමෝලි දිස්ත්‍රික්කයේ ජල විදුලි ව්‍යාපෘති උමඟක් තුළ සේවය කළ කම්කරුවන් සහ නිලධාරීන් රැගත් දුම්රියක් හා භාණ්ඩ දුම්රියක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 109 දෙනෙකු දුම්රියේ ගමන් කර තිබෙනවා.
තුවාල ලැබු පුද්ගලයින් දස දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.
අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.













