ඉන්දියාවේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදැරීම සඳහා ශ්‍රී ලාංකිකයන් 200කට පූර්ණ ශිෂ්‍යත්ව කටයුතු යොදා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉංජිනේරු, විද්‍යා, ව්‍යාපාර ආර්ථික විද්‍යාව, මානව ශාස්ත්‍ර සහ කලා පාඨමාලා සඳහා එම ශිෂ්‍යත්ව පිරිනැමෙන බවයි.
එහිදි ශ්‍රී ලාංකිකයන්ට උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ හැකියි.
පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු මාසික ජීවන වියදම් දීමනාවක්, ගුවන් ගමන් ගාස්තු සහ අධ්‍යාපන චාරිකා සඳහා ද දීමනාවක් ශිෂ්‍යත්වලාභීන්ට හිමි වනවා.
මේ පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් හෝ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකියි.