ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ භූ චලනයක් සිදුව තිබෙනවා.
අද අලුයම රික්ටර් මාපකයේ ඒකක 3.5 ක් ලෙස මෙම භූ චලනය සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි පිළිබද තොරතුරු වාර්තා වී නැහැ.
මෙම භූ චලනය සිදු වීමට පැයකට පමණ පෙර තවත් කුඩා භූ චලන 3 ක් රාජස්ථාන ප්‍රාන්තයේ ජායිපූර් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.