ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ඊයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා.
ඊයේ පස්වරු 4:41ට පමණ මෙම භූ කම්පනය වාර්තා වී ඇති අතර ගුවහාටි නගරය ඇතුළු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට භූකම්පනය දැනී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.