ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් පලායාම සදහා අනුබල දුන් රවිදු සන්දීප ගුණසේකර නමැති පොලිස් කොස්තාපල්වරයා සමග ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූ අනෙකුත් ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනා අද අළුයම ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.
රවිදු සන්දීප ගුණසේකර සහ තවත් සැකකරුවෙකු ඊයේ දිනයේදී මෙරටට රැගෙන විත් තිබුණා.
මීට අමතරව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ බලකායෙන් පළා ගොස් ඉන්දියාවේ සැඟව සිටි එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි හෙවත් ශිවා නමැත්තා ද ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.
ඔහු දකුණු පළාතේ ඝාතන සිද්ධීන් කිහිපයකටම සම්බනධ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
මොවුන් දෙදනා චෙන්නායි බස් රථයක ගමන් කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණා.
ජාත්‍යන්තර පොලිසියේ සහය මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ රතු නිවේදනය ද නිකුත් කිරීමෙන් අනතුරුවයි.