ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසයට සමගාමීව ඉන්දියාවේ මේ වන විට කොවිඩ් රෝගීන් 6,491 ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ගෙවුණු පැය 24 තුළ එරටින් නව රෝගීන් 7 දෙනෙකු සොයාගෙන තිබෙනවා.
එමෙන්ම කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය ලෙස කේරළය පත්ව ඇති බව සදහන්.
මේ අතර පසුගිය ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා කොවිඩ් රෝගය හේතුවෙන් මරණ 65 ක් වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.