අකුරේගොඩදී අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයන් 11 දෙනා දිවයිනෙන් පිටුවහල් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අදාළ සැකකරුවන් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(07) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එසේම අධිකරණ තීන්දු ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ රුපියල් ලක්ෂය බැගින් වූ දඩ මුදලක්ද සැකකරුවන්ට පනවන බවයි.
අත්අඩංගුවවට ගැනුණු ඉන්දියානුවන් පිරිස අතර කාන්තාවන් තිදෙනෙක්ද වනවා.
ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අකුරේගොඩ ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදී ඔන්ලයින් සූදු ක්‍රීඩාවේ නිරත වූ බවට වන චෝදනාව මත අදාළ සැකකරුවන් පිරිස පසුගිය හතර වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.