ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය අද(08) පස්වරු 6.30 සිට හෙට(09) පස්වරු 6.30 දක්වා බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ.
ඒ අනුව ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය සඳහා මෙම අනතුරු ඇඟවීමේ රතු නිවේදනය බලාත්මක වනවා.
ශ්‍රී ලංකාව ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතවින ගැඹුරු පීඩන අවපාතය අද(08) පස්වරු 4 පමණ වන විට පොතුවිල් සිට කිලෝමීටර් 230ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි තිබූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට(09)පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ මඩකලපුව අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එහි බලපෑම හේතුවෙන් අද(08) දින සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.













