ඇහැළියගොඩදී පුද්ගලයින් තිදෙනෙකුට එල්ල වූ කඩු ප්‍රහාරයෙන් තුවාල ලැබූ අයෙක් මියගොස් තිබෙනවා.
ඇහැළියගොඩ, නැදුරන හන්දිය රේල් පාර ආසන්නයේදී ඊයේ(30) රාත්‍රී මෙලෙස පුද්ගලයන් තිදෙනෙකචට කඩු ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
කඩු ප්‍රහාරය එල්ලවීමෙන් පසුව බරපතල තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනා රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙක් මියගොස් තිබෙනවා.
පළමුව ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කරන ලද අනෙක් පුද්ගලයන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කඩු ප්‍රහාරය තවත් පිරිසක් විසින් එල්ලල කර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
ඉද්දමල්ගොඩ,ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.
සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.