ඇල්ල බස් අනතුරෙන් තුවාල ලබා සිටි තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා.
බදුල්ල ශීක්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිදී අදාළ කාන්තාව මියගොස් තිබෙනවා.
ඇල්ල වැල්ලවාය මාර්ගයේදී පසුගිය 4 වැනිදා මෙම අනතුර සිදු වූවා.
මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල මහ වංගුව 23 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විනෝද චාරිකාවක් සඳහා නුවරඑළියට පැමිණ ආපසු යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වූවා.
අනතුරින් තුවාල ලැබූ තවත් පිරිසක් තවදුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.