ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡා හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සාකච්ඡාවට පෙර යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් හමුවීට නියමිතයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමිර් පුටින් අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවට පෙර රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයකට අවස්ථාවක් පවතින බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ යුරෝපා නායකයන් සමග කළ සාකච්ඡාවෙන් පසුව අද දින යුක්‍රේන ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැතිවරයා හමුවීමට නියමිතව තිබුණා.
යුරෝපා නායකයන් සහ ට්‍රම්ප් අතර පැවති මෙම සාකච්ඡාවට යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වෝන්ටර් ලේන්ඩ්, නේටෝ ප්‍රධානී මාර්ක් රූඩ්, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ෆින්ලන්තය සහ පෝලන්ත නායකයින් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡා හෙට ඇලෙස්කාවේදී පැවැත්වීමට නියමිතයි.
යුක්‍රේන යුද්දය අවසන් කිරීමට පුටින් එකඟ නොවන්නේ නම් ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇති බවට ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.