ඇත්දළ දෙකක් සමග සැකකරුවෙක් මොරගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත මොරගොඩ, හල්මිල්ලෑව ප්‍රදේශයේදී සිදු කරන වැටලීමකදී සැකකරු සමග ඇත්දළ දෙක අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගැනුනු සැකකරු ගලෙන්බිඳුණුවැව නාමල්පුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් පමණ වන අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු විශ්‍රාමික හමුදා සෙබලෙකු බවද පොලිසිය පවසනවා.
හල්මිල්ලෑව ප්‍රදේශයේ සැකකරු විසින් පව්තවාගෙන යනු ලබන හේන් බිමක රොඩු ගොඩක් යට ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී එම ඇත්දළ යුගල සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ අත්දළ යුගල අද(15) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මොරගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.