මෙරට පවුල් 66,000 කට ආහාර සහන ලබාදීම ආරම්භ කර තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටපොල මහතා පැවසුවේ මාස 6 ක කාලයක් දක්වා මසකට රුපියල් 15,000 බැගින් එම සහනාධාරය ලබාදෙන බවයි.
මේ අතර මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 21,000 ක් සිටින බවට සිදුකළ සමික්ෂණයකට අනුව අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ ඉදිරියේ දී ළමා මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාව 40,000 දක්වා වර්ධනය විය හැකි බවයි.