චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ එහි කනිෂ්ඨ අංශයේ ඉසව් දෙකකින් රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කම් 01 ක් දිනා ගනිමින්.
මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් 14 ක ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කගේ සහභාගීත්වයෙන් පසුගිය 30 වන දින සිට මේ මස පළමු වනදා දක්වා චීනෙයේ ෂැංගාරෝ නුවර පවත්වා තිබුණා.











