ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්වුණා.
දිවයින පුරා බැඩ්මින්ටන් ක්‍රීඩාවට අලුම්කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු වුනු මෙම දින දෙකක තරගාවලියට හිටපු ජාතික ශූරයන්ගේද සහභාගීත්වය සුවිශේෂී ජවයක් එක් කර තිබෙනවා.
18 වතාවක ජාතික ශූරයා වූ නිලුක කරුණාරත්න, ජාතික ශූරයන් වූ නිරෝෂන් විජේකෝන්, කුසාලි දිසානායක, දුමින්ද ජයකෝඩි සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයේ වෙනත් කීර්තිමත් තරු ඇතුළු විශිෂ්ඨ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් කර තිබෙනවා.
ඔවුන්ගේ සහභාගීත්වය උද්යෝගිමත් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපිරිසම පොළඹවා තරගාවලියේ තරඟකාරී මුහුණවර උණුසුම් කළේය.
වයස් මත පදනම් වූ ද්විත්ව (35 ට වැඩි, 40 ට වැඩි, 45 ට වැඩි, 50 ට වැඩි, 55 ට වැඩි), කොම්බයින් (90+, 100+), සහ මිශ්‍ර ද්විත්ව ඇතුළු බහුවිධ කාණ්ඩ හරහා තරග පවත්වා තිබෙනවා.
අවසාන තරග කිහිපයක්ම තීරණය වූයේ අතිඋණුසුම් ලෙස අවසාන ලකුණුවලට සමීප තරග මාලාවකිනි.
ශූරතාවන් අතරින් තරගාවලියේ සිත්ගත් තරඟයන් වූ 35 ට වැඩි කාණ්ඩයේ නිලුක කරුණාරත්න සහ චරිත් විජේනායක යුගලය ශූරතාවය දිනා ගනිමින්, ඉරේෂ් ද සිල්වා සහ ඉමන්ධ නිමල්චන්ද්‍ර යුගලය අනුශූරතාවය ලබා ගත්තේය.
40 ට වැඩි කාණ්ඩයේ ශූරතාවය නිලුක කරුණාරත්න සහ රන්දික පීරිස් යුගලය දිනා ගත් අතර, තනුජ ලියනගේ සහ සුසිල් කරුණාරත්න යුගලය දෙවන ස්ථානයට පත්විය.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ද අතිශයින්ම කැපී පෙනුණු අතර, 55 ට වැඩි කාණ්ඩයේ ශූරතාවය ක්ලැරන්ස් හෝම්ස් සහ දුමින්ද සෝමනායක යුගලය දිනා ගත් අතර, කොම්බයින් 100+ ශූරතාවය රොෂාන් පද්මකුමාර සහ රොහාන් ප්‍රනාන්දු යුගලය විසින් ලබා ගන්නා ලදී.
මිශ්‍ර ද්විත්ව ශූරතාවය දුමින්ද ජයකෝඩි සහ ප්‍රියාංකා අබේරත්න යුගලය විසින් දිනා ගන්නා ලදී.
වටිනා කුසලාන සහතිකපත් හා ආකර්ශනීය මුදල් ත්‍යාග ජයග්‍රාහකයන් හට ලබාදීමට සංවිධායකවරුන් කටයුතු කර තිබීම බැඩ්මින්ටන් ක්‍රීඩාව කෙරෙහි ක්‍රීඩකයන්ගේ උනන්දුව ආකර්ශනය වැඩිකිරීමක් හා බැඩිමින්ටන් තරගාවලිවල මට්ටම ඉහලට ඔසවා තැබීමකි.
මැක්ලෙරන්ස් හෝල්ඩිංස් සහ මොබිල් ඔයිල් ප්‍රධාන අනුග්‍රාහක ලෙසත්, ස්පෝර්ට්ස් ඇවිනියු, ඩීලාස් ස්කින් කෙයාර් සහ සෙරීන් ජෙම් ඇතුළු අනුග්‍රාහකයින්ගේ සහාය ඇතිව මෙම ශූරතා තරගාවලිය පවත්වා තිබෙනවා.
බැඩ්මින්ටන් ක්‍රීඩාව වඩාත් ප්‍රචලිත කිරීම හා එහි ජීව ගුණය ඔසවා තැබීම අරමුණු කරගෙන පැවැත් වූ මෙම බැඩ්මින්ටන් තරඟාවලිය, ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් සංවිධානය කිරීමට සැලසුම් කරන ඊළඟ තරගාවලිය වඩාත් පුලුල් හා ආකර්ෂණීය වනු ඇති බවටද විශ්වාසය පළ කෙරෙනවා.











