ආර්ථික අර්බුදය මුවාවෙන් ජාත්‍යන්තර රැවටීම්වලින් ජනතාව බේරාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ඉන්දියාව වැනි රටවල් විසින් ශ්‍රී ලංකාව ග්‍රහණයට නතු කරගැනීම වහාම නැවැත්විය යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර මෙරට ආර්ථික ස්වෛරීත්වය ඇති කිරීමට නම් රට තුළ ක්ෂණික වෙනසක් සිදු කළ යුතු බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා.
එමෙන්ම ජාතික ජනබලවේගයේ විධායක කාරක සභික නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් මැතිවරණයකින් ජයගනීද නැද්ද යන්න පිළිබදව සමීක්ෂණ සිදුකරමින් සිටින බවයි.