පශ්චාත් ආපදා සහන සලසන බවට පවසන ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය විසින් ඉල්ලීමක් කර තිබෙනවා. .
මේ වන විට ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ
,
ඒ හේතුවෙන් එවැනි ව්‍යාජ පණිවිඩ සඳහා නොරැවටෙන ලෙස එම කාර්යංශය දැනුම් දී තිබෙනවා.
එමෙන්ම එවන් පාර්ශව වෙත තම පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමෙන් වලකින ලෙසයි එම දෙපාර්තුමේන්තුව දැනුම් දෙන්නේ.











