පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වන විට 627ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම පුද්ගලයන් 190ක් පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
පවුල් 27,663කට අයත් පුද්ගලයින් 89,857 දෙනෙක් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 956කට තවදුරටත් රැඳී සිටින අතර බලපෑමට ලක්ව ඇති සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,179,138ක් බවයි වාර්තා වන්නේ.













