ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘති වලින් 320 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ප්‍රතිසංස්කරණය කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
තවත් 130 කට අසන්න සංඛ්‍යාවක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.
ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය ලබා දෙන ප්‍රදේශවල ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.













