ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී මෙම නිලවරණය පැවැත්වෙනු ඇති.
නව ක්‍රීඩා රෙගුලාසි සහ ජාත්‍යන්තර රග්බි සම්මේලනය සමග එකඟ වූ පරිදි ශ්‍රී ලංකා රග්බි නව ව්‍යාස්ථාවට අනුව මෙවර රග්බි නිලවරණය පැවැත්වීමට නියමිතයි.
සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ඇතුළුව ප්‍රධාන තනතුරු 11ක් සහ ශ්‍රී ලංකා රග්බි විධායක කමිටුව මෙහිදි සාමාජික ඡන්දයෙන් තෝරා පත් කරගනු ලබනවා.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය පැවැත්වීමට අවස්ථා කිහිපයකදීම නොහැකිවීමත් සමග ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රග්බි තහනමකට මුහුණ දීමටද සිදු වූණා .
එහිදී මෙරට ක්‍රීඩා බලධාරීන් සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එම තහනම තාවකාලිකව ඉවත් කිරීමටයි ජාත්‍යන්තර රග්බි බලධාරීන් පියවර ගනු ලැබුවේ.
ඒ අනුව කලකට පසුව පැවැත්වෙන ශ්‍රී ලංකා රග්බි නිලවරණයේ නාමයෝජනා භාරගැනීම අගෝස්තු මස 19 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතයි.