අහුංගල්ල ප්රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අහුංගල්ල බෝගහපිටිය ප්රදේශයේ සිය නිවසේ සිටියදී මෙම පුද්ගලයාට ඊයේ පස්වරු 7.45ට පමණ නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි ප්රහාරයෙන් හිසට සිදුවූ බරපතළ තුවාල සහිතව ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.