කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන විට ඉන්දියාවේ ගුවාහාටි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා .
ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා .
ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර පන්දුවාර 50 කඩුලු 07 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 319 ක් .
කෙසේ වෙතත් ලකුණු 320 ක ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 05 ක් අවසානයේ කඩුළු 03 දැවී ලකුණු 10 ක් රැස් කරගෙන සිටියා .
මේ අතර 1973, 1993, 2009 සහ 2017 යන වසරවලදී කාන්තා ලෝක කුසලානය දිනා ගැනීමට එංගලන්තයට හැකිව තිබෙනවා.
එමෙන්ම එංගලන්තය අවස්ථා 03කදී කාන්තා ලෝක කුසලානයේ අනුශූරයින් බවට ද පත් වුණා.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව මෙතෙක් කාන්තා ක්‍රිකට් ලෝක කුසලන තරගාවලියක අවසන් මහා තරගයක් නියෝජනය කර නැහැ.
මේ අතර තරගාවලියේ දෙවන අවසන් පුර්ව තවගය හෙට ඉන්දියාවේ ඩී වයි පාටිල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
ඒ ඉන්දීය සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතරයි .













