මාවනැල්ල ප්‍රදේශයේ අලුත උපන් බිලිඳකුගේ මළ සිරුරක් අභිරහස් ලෙස නිවසේ මිදුලේ වළ දමා තිබියදී පෙරේදා පස්වරුවේ දී මාවනැල්ල වැඩබලන මහෙස්ත්‍රාත් එරන්දිකා අත්තනායක මහත්මිය සහ කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය රුචිර නදීර මහතා ඉදිරියේ දී මාවනැල්ල පොලිසිය විසින් ගොඩගත් බව මාවනැල්ල පොලිසිය පැවසීය.
හෙම්මාතගම පාර, මාවනැල්ල පදිංචි 18 හැවිරිදි කාන්තාවක පසුගිය 31 දින දරුවකු ප්‍රසූත කර ඇති බවට ද කරුණු අනාවරණය කරගෙන ඇති බව ද පොලිසිය වාර්තා කරනු ලැබුවා
බිලිඳාගේ මව පවසා ඇත්තේ දරුවා ඉපදෙන විට මියගොස් සිටි නිසා බිලිඳාගේ පියා, ආච්චි එකතු වී ආගමානුකූලව සුදු රෙදි කඩක බිලිඳු සිරුර ඔතා නිවසේ මිදුලේ වළක් කපා වළ දැමූ බවය.
සිද්ධිය මෙසේ ය. මහනුවර පොලිස් වසමේ අශෝකපුර, දංගොල්ල යුවලක් පදිංචිව සිට ඇත. එම කාන්තාව ගර්භණී සමයේ පසුව ඇති අතර, එම දෙදෙනා එක්වරම දින කිහිපයක් අතුරුදන්ව සිට තිබේ. ඔවුන් නැවත කුලී නිවසට පැමිණි අවස්ථාවේ දී ගර්භණීභාවය පහවගොස් ඇති බවට 119 හදිසි ඇමැතුම් ඒකකය හරහා මහනුවර පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ. ඒ අනුව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ එම කුලී නිවසේ සිටි යුවලගේ ස්ථිර පදිංචිය මාවනැල්ල පොලිස් බලප්‍රදේශයට අයත් බවය.
බිලිඳාගේ මව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ද පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය සහ කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ කණ්ඩායම විසින් පරීක්ෂණ පවත්වා ඇත. කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය රුචිර නදීර මහතා විසින් වළ දමා තිබූ බිලිඳු සිරුර සම්බධයෙන් මූලික පරීක්ෂණ සිදුකරන ලදී. මාවනැල්ල වැඩබලන මහෙස්ත්‍රාත් එරන්දිකා අත්තනායක මහත්මිය ස්ථානීය පරීක්ෂණ පැවැත්වූවාය.