පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රු. 30,000/= බැගින් අල්ලස් ඉල්ලා එය බැංකු ගත කරන ලෙස දන්වා සිටි කලාකරුවෙකු මතුගම බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන ලදී.
මතුගම ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිනියක හා අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා නිලධාරියෙකු විසින් සිදු කරන ලද පැමිණිලි දෙකක් මත පදනම්ව දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර කලාකරුවා එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාල විදුහල්පතිනිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාළව එම විමර්ශනය නොකරන බව දන්වා ලිපියක් ලබාදීමට හා එම විමර්ශනයට අදාල ලිපියක් විදුහල්පතිනියට ලබා දෙන බව සහ ඒ සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන්ට මුදල් ලබා දෙන බවට පවසා රු. 30,000/= ක් බැංකුගත කරනලෙස දැනුම්දී ඇත.
එලෙසම අනෙක් ගුවන් හමුදා නිලධාරියා සම්බන්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට ඇති බව පවසා එසේ අත්අඩංගුවට නොගෙන සිටීමට සහ ඒ සම්බන්ධයෙන් ලිපියක් ලබාදීම සඳහා ඔහුගෙන් ඒ ආකාරයෙන් රු. 30,000/= ක අල්ලස් මුදලක් ඉල්ලා එම මුදලද බැංකු ගත කරන ලෙස ද දැනුම් දී තිබූ බව පොලිසිය පවසා සිටී.













