රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරදරයකින් තොරව සිදු කිරීමට සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා අදාළ නිලධාරීන් දෙදෙනා එම පුද්ගලයාගෙන් රුපියල් 25,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත අදාළ පොලිස් සැරයන්වරු දෙදෙනා අල්ලස් කොමිසම විසින් අල්ලස් මුදල් ඉල්ලීම සහ භාර ගැනීම මෙන්ම එයට අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.