මහනුවර, කුළුගම්මන, යටිහලගල මාර්ගයේ කුරුඳුගහමඩ ප්‍රදේශයේදී අනතුරට පත්වූ වන්දනා නඩයක් රැගත් බස් රථයේ ගමන් ගත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
කුළුගම්මන, යටිහලගල මාර්ගයේ 3 වැනි වංගුව අසලදී වන්දනා ගමනක් පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අතුරු මාර්ගයකට පෙරළී තිබෙන බවයි අලදෙණිය පොලිසිය පැවසුවේ.
තුවාල ලැබූ පිරිස මහනුවර, පේරාදෙණිය සහ තිත්තපජ්ජල රෝහල් වෙත ඇතුලත් කළ බවද පොලිසිය කියා සිටියා.
ගල්ගමුව ප්‍රදේශයේ සිට ඊයේ දා වන්දනා ගමනක් පැමිණි පිරිසක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.
එම බස් රථයේ 30 දෙනෙකු පමණ ගමන් කර තිබෙන අතර ඉන් 29 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
අදාල පිරිස මහනුවර ප්‍රදේශයේ වන්දනා ගමන් පැමිණ නැවත රාත්‍රී කාලයේ නිවෙස් බලා ගමන් කරන අතර තුර මහනුවර – කුරුණෑගල මාර්ගයට කෙටි පාරකින් යමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.
එහිදී බස් රථය පාරෙන් ඉවතට පැන අතුරු මාර්ගයකට වැටී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.