අයි.එස්.අයි.එස්. විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධානය මෙරට ව්‍යාප්ත කිරීමට දායක වෙමින් ඊට මුදල් ආධාර ලබාදුන්නේ යැයි කියන සැකකරුවන් පහළොස් දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා ඉදිරියේ පැමිණිලි 15ක් ගොනු කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ(17) පවසා තිබෙනවා.
සැකකරුවන් අතරින් ඇතැම් සැකකරුවන්ට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටිනවා.
අල් කයිඩා හා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානවල දේශනවලට සහභාගිවීම, එම ත්‍රස්ත සංවිධානවලට මුදල් සැපයීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කර තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.